අද විදුලි සේවකයෝ ලෙඩ වෙයි..විදුලිය කපයි ද?
Electricity
By Thaya
වසර ගණනාවක සිට වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර අද (08) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ 25,000ක් පමණ විදුලි සේවකයින් පිරිසක් කොළඹ දී එම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බවය.
සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී වැඩ වර්ජනයක නිරත වීමට ද බලාපොරොත්තු වන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාව පළ කර තිබියදී මෙවැනි උද්ඝෝෂණවල නිරත වීම පිළිගත නොහැකි බවයි.