වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුම ඉහළට

Weather Electricity
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසා සිටියේ, ඉල්ලුමට සරිලන ආකාරයෙන් විදුලි සැපයුම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවය. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 20ක මට්ටමේ පවතින බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුලක්ෂණ ජයවර්ධන මහතා,

“මේ කාලසීමාව තුළ දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවෝට් පැය 46කට ආසන්න ප්‍රමාණයක්. ඒ අවශ්‍යතාවයෙන් සියයට 20කට ආසන්න පමාණයක් ජලවිදුලි බලාගාරවලින් පද්ධතියට එක්කිරීමක් සිදුවෙනවා. ඒ වගේම නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දායකත්වය සියයට 42ක් 43ක් වගේ තත්ත්වයක්. ඒ වගේම සුළං සහ සූර්ය බලාගාරවලිනුත් සියයට 1ක 2ක වගේ දායකත්වයක් පද්ධතියට ලබාදීමක් සිදුවෙනවා. ඉතිරි මුළු අව්‍යතාවය සියයට 35ක් 38ක් වැනි ප්‍රමාණයක් අනෙතුත් තාප බලාගාරවලින් පද්ධතියට එකතුවීම සිදුවෙනවා.“