ජනවාරි සිට නතර කරන විදුලි බිල

Report

ලබන ජනවාරි මාසයේ සිට දැනට ලබාදෙන කඩදාසි විදුලි බිල්පත වෙනුවට රිසිට් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග අද(07) පැවති හමුවකින් අනතුරුවයි.

එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් අවධානය යොමුව තිබෙනවා.

ඊට අමතරව වියදම් අවම කිරීමට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග ගැනද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now