ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කර කඩුළු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩාමට හිමි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
මෙම තරගය අද රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් මාර්ෂ් විසිනි.