චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද අද රාත්‍රියේ උදා වේ

Report

චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, 2026 වසරේ නව අවුරුදු උදාව චීන ජනතාව සමරනු ලබන්නේ පෙබරවාරි මස 17 වනදාය.

එබැවින්  ඊට සමගාමීව අද (16) රාත්‍රියේ බෙයිජිංහි පැවැත්වුණු දැවැන්ත කලා ප්‍රසංගය හෙවත් වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නව අවුරුදු උදාව සංකේතවත් කරයි. ලොව පුරා රටවල් සහ කලාප 200කට අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කරමින් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරි මෙම ප්‍රසංගය, ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් එකවර සජීවීව නරඹන ප්‍රසංගය වේ.

ඒ අනුව මෙවරත් මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර ඊට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී ඇත. ප්‍රසංගය චීන සම්ප්‍රදායට අයත්, නැටුම් ගැයුම් ඇතුළු සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් වූ බව සඳහන්.

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි

චීන සම්ප්‍රදායට අනුව අශ්වයාගේ වසර ලෙසින් සැලකෙන මෙම වසරේ නව අවුරුදු තේමාව වූයේ "වේගවත් පිම්ම, නොනවතින ගැම්ම" යන්න බව සඳහන්.

අති නවීන තාක්ෂණයත් සමඟ මුසුවූ චීන සංස්කෘතියේ පොහොසත් කලා අංග මේ ප්‍රසංගය හරහා, වඩාත් නවමු ආකාරයෙන් ඉදිරිපත් කළ අතර, ඊට විවිධ රටවලින් පැමිණි කලාකරුවන්ගේ අංග කිහිපයක් ද එක්කර තිබීම මෙවර වඩාත් කැපී පෙනුණි.

චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමය තුළ චීනයේ සංස්කෘතික වටිනාකම් මනාව පිළිබිඹු කරන්නකි.

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙනුත් නිවේදනයක්

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙනුත් නිවේදනයක්