හැමතැනම මත්පැන් විකුණන්න බෑ - මත්පැන් අලෙවි කිරීමේ නව බලපත්‍ර ගැන නිවේදනයක්
අද(16) දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අලෙවි කිරීමේ නව බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අත්‍යාවශ්‍යවන අවස්ථාවලදී බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එහි සඳහන් වන අතර නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සුරාබදු ආඥා පනතේ හා අනෙකුත් සියලුම නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සිදු වන බව වාර්තා වේ.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අත්‍යාවශ්‍යවන අවස්ථාවලදී නව බලපත්‍ර නිකුත් වේ.
ඒ අනුව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ( අධ්‍යයන හා පර්යේෂණ )රොෂාන් පෙරේරා මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් / භෝජනාගාර/ ස්ථානීය පරිභෝජනය සදහා බියර් /එල්/ ස්ට්‍රවුට් හා වයින් අලෙවි කිරීම සඳහා වූ විශේෂ බලපත්‍රය / සුරාබදු නිවේදන 936 යටතේ ලබා දෙන බුටික් විලා බලපත්‍රය සහ සහකාර සුරාබදු කොමසාරිස්ගේ අනුමැතිය මත උත්සව සඳහා පීඨිකා ක්‍රියාත්මක කිරීමට ලබාදෙන අවස්ථා බලපත්‍රය යන කාණ්ඩ යටතේ නව බලපත්‍ර නිකුත් කෙරෙන බවයි.