ශ්‍රී ලංකාවට ලකුණු 182ක ඉලක්කයක්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181 ක් රැස්කිරීමට සමත්  වුණේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු 182ක් රැස්කර ගතයුතු වේ.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩාම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය ලංකාවට

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් මාර්ෂ් විසිනි.

ශ්‍රී  ලංකා කණ්ඩායම මෙම තරගය ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

මේ වනවිට ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවෙයි. සුපිරි අට දෙනාගේ වටයට රැඳිසිටීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වේ.