කොරෝනා අස්සේ යළි හිස ඔසවන ඉබොලා වෛරසය...
Corona
Ebola
By Thaya
වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් බටහිර අප්‍රිකාවේ පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇත. ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට වසර 05කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 11,000ක් පමණ මියගොස් තිබුනි. යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන් කරයි.