පාස්කු කොමිසම වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීම මගහැරලා – හේෂා විතානගේ

Information
By Thaya Jan 07, 2021 10:19 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් පාස්කු ප්‍රහාරයේ වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට තිබූ අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සහ විමර්ශණවල වත්මන් තත්වය පිළීබද අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්ණයක් යොමුකරමිනුයි හේෂා විතානගේ මහතා මේ බව කියා සිටියේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය රජය සමයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී පාස්කු ප්‍රහාරය පිළිබද කළ ප්‍රකාශයක් පිදිබදවද හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමුකළා.