පාස්කු බෝම්බකරුගේ පියාගේ කම්හල් සේවකයින් නිදහස් කලේ සාක්ෂි නැති නිසා – පොලීසිය
Easter
By Thaya
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුගේ පියාට අයත් තඹ කම්හලක සේවකයින් පිරිසක් නිදහස් කර ඇත්තේ ඔවුන්ට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති වීම හේතුවෙන් බව පොලිසිය පවසනවා.
10 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඉන් 9 දෙනෙකු පෙරේදා දිනයේදි අධිකරණය මගින් මුදා හැර තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට පුද්ගලයින් 268 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව හෝ පොලීසිය භාරයේ පසුවන බවයි.