කැබිනෙට්ටුවෙන් හදිසි තීන්දුවක්.. පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව අදම පාර්ලිමේන්තුවට..

Police
By Thaya Feb 23, 2021 05:18 PM GMT
Report

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම වාර්තාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයටද ලබා දී ඇත. ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත් කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත්ය.