ආණ්ඩුවේ දීන ප්‍රතිපත්ති නිසා දැන් විදෙස් රටවල දේශපාලන බලපෑම්වලට යටත් වෙලා

Government
By Thaya Feb 17, 2021 05:00 PM GMT
Report

මෙරට ආණ්ඩු අනුගමනය කරන දීන ප්‍රතිපත්ති හේතුවෙන් වර්තමානය වනවිට විදෙස් රටවල දේශපාලන බලපෑම්වලට යටත්වීමට සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සිය ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවට කර ඇතැයි කියන ප්‍රකාශයද ඊට උදාහරණයක් බවයි ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ. හැටන් ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩුවේ නොහැකියාව නිසා වෙනත් පක්ෂ හා රටවල නායකයන් අපේ රටට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.