මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්ධන විශේෂ මෙහෙයුම. (VIDEO)
"යුක්ති" මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන විශේෂ මෙහෙයුම යටතේ ඊයේ (27) දින රාත්‍රී 10 සිට අලුයම 2 දක්වා මාලිගාවත්ත ඛෙත්තාරාම සහ එහි මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව ශ්‍රී ලංකා පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ය.
එහිදී සැකකරුවන් 17 ක් හා එක් සැකකාරියක් වශයෙන් පුද්ගලයන් 18 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී මත්ද්‍රව්‍ය හා දුෂණ මර්ධන ආශ්‍රිත වැරදි සදහා සැකකරුවන් 14 ක් ද , සැකපිට සැකකරුවන් 03ක් ද , විවෘත වරෙන්තුකරුවන් 01 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම මෙම මෙහෙයුමේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 3,360 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8,640 ක්ද, ගංජා මිලිග්‍රෑම් 1300ද පොලිස් භාරයට ගන්නා ලදී.
මෙය සදහා කොළඹ මධ්‍යම ||| සහකාර අධිකාරි මිනුර සෙනරත් මහතාගේ අධීක්ෂණයෙන් හා මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් මෙම වැටලීම සිදු කරන ලදී.
