සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

police student hospitel Drown kantale
By Sithumi Apr 18, 2021 03:50 PM GMT
Sithumi

Sithumi

Report

කන්තලේ - මොල්ලිපතාන ප්‍රදේශයේ පරවිපාන්ජාන් වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනෙකුගෙන්, දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (18) උදෑසන 8.00ට පමණ ඔවුන් දියනෑම සඳහා එම වැවට ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය. එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුන් දෙදෙනෙක් බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ තඹලගමුව පොලීසිය විසින් සිදුකරයි.