චීනයේ බීජිංහි ඩ්‍රෝන අලවිය තහනම් -හේතුව මෙන්න
By Kanchana
ආරක්ෂක හේතුන් මත චීනයේ බීජිංහි ඩ්‍රෝන අලෙවිය තහනම් කිරීමට තීරණය කර තිබේ චීනයේ ඩ්‍රෝන යානා සම්බන්ධ නීති දැඩි කර ඇති බව වාර්තා වේ.
ඒ මහජන ආරක්ෂාව පිළිබද අවධානය යොමුකරමිනුයි.
චීනයේ ඇතැම් නගරවල ආහාර බෙදා හැරීම , කෘෂිකර්මාන්තය සහ ගොඩනැගිලි පිරිසිදු කිරීම සඳහා ද ඩ්‍රෝන යානා භාවිත කර තිබේ. කෙසේ වෙතත් හෙට සිට බලපැවැත්වෙන පරිදි ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් චීනය නව නීති හඳුන්වාදී ඇත .
ඒ අනුව බීජිං අගනුවර ඩ්‍රෝන යානා සහ කොටස් විකිණීම , කුලියට දීම හෝ ගෙන ඒම තහනම් වී තිබේ ඒවා පියාසර කිරීමට ද බලපත්‍ර අවශ්‍ය වේ.
ඩ්‍රෝන හිමිකරුවන් තමන් උපාංග පොලිසියේ ලියාපදිංචි කිරීම ද අවශ්‍ය බවයි නව නීතිවල දැක්වෙනු ඇත .