රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ දැන්වීමක්...

Lisen Morter
By Aruna Aug 29, 2021 03:05 AM GMT
Aruna

Aruna

Report

පැරණි රියදුරු බලපත්‍රවලට අදාලව දැනට සුරක්ෂිතව පවතින ලෙජර් පොත්වල සටහන් කර ඇති තොරතුරු පරිඝණක පද්ධති වලට එක් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් අනතුරුව දැනට කාණ්ඩ කිහිපයක් යටතේ පවතින රියදුරු බලපත්‍ර සියල්ල එක් කාණ්ඩයකට අයත් වලංගු බලපත්‍ර බවට පත් කිරීමට පියවර ගන්නා බවයි.

2009 වසරේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතිය ස්ථාපිත කිරීමට පෙර නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර වල තොරතුරු එම පරිඝණක පද්ධතියේ නොමැතිවීම හේතුවෙන් ගැටලු රැසක් හටගෙන තිබෙනවා.

ඒ පැරණි රියදුරු බලපත්‍රයක් අස්ථානගත වූ ඇතැම් පුද්ගලයන්ට නැවත එය සකසා ගැනීමට අවශ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හේතුවෙන්.

ඊට හේතු වී ඇත්තේ 2009ට පෙර නිකුත් කර ඇති පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු සටහන් කර ඇති ලෙජර් පොත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය තුලදී මීයන් සහ වේයන් විසින් විනාශ කර තිබීමයි.

ඉතා පැරණි ලෙජර් පොත් දිරාපත් වී යාම හේතුවෙන්ද පැරණි රියදුරු බලපත්‍ර වල තොරතුරු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා.

ඒ අනුව, එලෙස තොරතුරු සොයා ගත නොහැකි පැරණි රියදුරු බලපත්‍රයක් අස්ථානගතවූ අයෙකුට සිදුවන්නේ නැවත නව රියදුරු බලපත්‍රයක් සකසා ගැනීමයි.

කෙසේ වෙතත් පරිඝණක පද්ධතියට තොරතුරු එක් කිරීම සඳහා ලේඛනාගාරයේ තවදුරටත් සුරක්ෂිතව පවතින ලෙජර් පොත් වෙන් කර ගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha