වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයෙන් දින 14ක් ඉල්ලයි..හේතුව මෙන්න..

vaccination covid 19 CID jayaruvan bandra fake inforamation
By Sewvandhi Aug 31, 2021 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පැවසීය.

ඒ බව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිපියක් මගින් දැනුම්දුන් බවද ඔහු පැවසීය. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා සහභාගී වී තිබූ වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මතුවී ඇති කරුණක් පිළිබඳ මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

කොවිඩ් ආසාදනය වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ වනවිට කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් පසුව ඇතිවන යම් යම් සංකූලතා හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටින බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම්දුන් බවත් ඒ අනුව එම ප්‍රකාශය ලබාදීමට දින 14ක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා සඳහන් කළේය.

මීට පෙර වෛද්‍ය පර්යෙෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෙද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වුනා.

මෙම විනය පරීක්ෂණයට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ වූ කරුණු සම්බන්ධයෙන් බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. කොව්ඩ වසංගතය කමනාකරණය කිරීමේදී දැනට මතුව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බන්ඩාර විවේචනාත්මක විග්‍රහයක් එහිදී සිදු කළ අතර එහිදී කොවිඩ් අර්බුදය ජාවාරමක් බවට පත් කරගත් පාර්ශ්ව සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කළේය.

ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව තුළ සිදුවන ජාවාරම් සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධව ඔහු හෙළි කළේය. මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවත්වෙනු ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha