දාරළුව පඩු කරද ගස ලෝකයේ එකම ගසද යන්න සැකයක් ?...

Tree
By Thaya Mar 14, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

දාරළුව ප්‍රදේශයේ ඇති පඩු කරද ගස ලෝකයේ එකම ගස බවට කළ ප්‍රකාශය එක්කෝ කරුණු නොදැන, නැතිනම් කාගේ හෝ වුවමනාවකට කළ එකක්දැයි සැක මතුවන බවත් කාගේ හෝ වුවමනාවකට සිදු කළේ නම් එය රටේ සංවර්ධනය අඩාල කිරීමට හිතාමතා සිදු කළ ප්‍රකාශයක් බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පරිසරය ආරක්ෂා කරන අතරම රටේ සංවර්ධනය ද ක්‍රියාත්මක කළ යුතු බැවින් මේ පිළිබද ව පරිසරවේදීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කළේය. ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති පඩු කරද හෙවත් Crudia Zeylanica ගස හා සංරක්ෂිත පැළ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක්වෙති. ඊයේ (13) ගම්පහ උද්භිද උද්‍යානයට පැමිණි මෙම අමාත්‍යවරුන් ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති විශාල පඩු කරද ගස හා සංරක්ෂිත පැළ 06 නිරීක්ෂණය කළහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍ර දේශයේ ඇති පඩු කරද ගස ලෝකයේ එකම පඩු කරද ගස බව ප්‍රකාශ වුවද මේ වන විට ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම වර්ගයේ විශාල ගසක් හා පැළ 06 ක් ඇති බව ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක රුවිනි ගෝමස් මහත්මිය මෙහිදී ඇමතිවරුන්ට කීවාය. මීට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක් වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර හා කඩුවෙල හා කදිරාන ප්‍ර දේශවල මෙම ශාඛය ඇති බවත් උද්භිද උද්‍යානයේ නිළධාරින් එම ශාඛා නිරීක්ෂණය කළ බවත් ඇය කීවාය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාඛයේ පැළ 20 ක් ඇති බව කී සහකාර අධ්‍යක්ෂකවරිය අදාළ ශාඛය හමු වූ දාරළුව ප්‍ර දේශයේ ද තවත් පඩු කරද විශාල ගසක් හා කුඩා ගසක් හමු වූ බව ද කීවාය.

දාරළුව ප්‍ර දේශයේ පඩු කරද ශාඛය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය වෙනස් කර ඉදි කිරීමට රැපියල් ලක්ෂ 86,000 ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇතැයි කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ ශාඛය ලෝකයේ එකම ගස බව ප්‍රකාශ කළ බවත් එම ශාඛය හා මෙම ශාඛ එකම බවට තහවුරු කරගත්තේ කෙලෙසදැයි සහකාර අධ්‍යක්ෂකවරියගෙන් ප්‍රශ්න කළේය. සහකාර අධ්‍යක්ෂකවරිය කීවේ මේ පිළිබද ව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ බවයි. දාරළුවේ ගසට උද්භිද උද්‍යානයේ ගස් සෑම අතින්ම සමාන බව මෙම විද්‍යාත්මක පරීක්ෂණයේ දී සනාථ වූ බව ද ඇය කීවාය.

Gallery
ReeCha