අඛණ්ඩව කඩා වැටුණු රුපියලේ අගය අද ඉහළ යයි

By Wasantha Apr 16, 2021 02:12 PM GMT
Report

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේ ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අද දිනයේ මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 201.28 ක් ලෙසයි. ඩොලරයක ගැණුම් මිල රුපියල් 195.72 ක් ලෙස දැක්වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ අඩුම අගය වාර්තා කළේ ඊයේ දිනයේදීයි. ඒ අනුව ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 204.62 ක් ලෙස දැක්වුණා. චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 500 ක ණය මුදල ලැබීම රුපියල ශක්තිමත් වීමට හේතු වී තිබෙනවා.