රුපියල තවත් පහළට - ඩොලරයේ විකිණුම් මිල රු. 322 සීමාව පනියි
අද (28) දින ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇති බව වාර්තා වේ.
සඳුදා දිනට සාපේක්ෂව, සමහර බැංකු වල ඩොලරයක විකිණුම් අගය රු. 322 දක්වා ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුව අනුව, ඩොලරයක මිලදී ගැනීමේ අගය රු. 314.90 සිට රු. 315.15 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකිණුම් අගය රු. 321.65 සිට රු. 321.90 දක්වා වැඩි වී ඇත.
NDB බැංකුවේදී, ඩොලරයේ මිලදී ගැනීමේ අගය රු. 314.50ක් ලෙසත්, විකිණුම් අගය රු. 321ක් ලෙසත් නොවෙනස්ව පවතී.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඩොලරයක මිලදී ගැනීමේ අගය රු. 314.93 සිට රු. 315.33 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකිණුම් අගය රු. 321.88 සිට රු. 322.28 දක්වා වැඩි වී ඇති බවයි.
කොමර්ෂල් බැංකුවේදී, මිලදී ගැනීමේ අගය රු. 313.30 සිට රු. 313.79 දක්වාත්, විකිණුම් අගය රු. 321.75 සිට රු. 322.25 දක්වාත් ඉහළ ගොස් තිබේ. සම්පත් බැංකුව අනුව, ඩොලරයක ගැනුම් අගය රු. 315.25 සිට රු. 315.50 දක්වාත්, විකිණුම් අගය රු. 321.75 සිට රු. 322.00 දක්වාත් වැඩි වී ඇත.
මෙම තත්ත්වය අනුව, විදේශ මුදල් වෙළඳපොළේ පීඩනය තවදුරටත් පවතින බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.