ඩොලරය අද ලංකා ඉතිහාසයේ මුල් වරට අද වෙච්ච දේ.....!!!!

Sri Lanka Cenrtal Bank of Srilanka
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස රු.201.77ක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (29දා) වාර්තා කර තිබේ. එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය. එමෙන්ම මහ බැංකුව නිකුත් කළ දත්තයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රු.197.28ක් ලෙස දැක්වෙන අතර, එය පසුගිය 17දා රු.197.58ක් ලෙස ඉතිහාසයේ ඉහළම ගැනුම් මිලද වාර්තා කළේය.