රට ලොක්ඩවුන් කරන්නේ ද? නැද්ද? - යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

Sri Lanka Lockdown
By Thaya Feb 15, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නොමැති බව අද දෙරණට ප්‍රකාශයක් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි. නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු වෙනත් නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම ප්‍රියසම්භාෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.