ඝාතනය වු තරුණියගේ DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි...මෙන්න සියලු තොරතුරු.

Police
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Thaya

Thaya

Report

කොළඹ, වේල්ල වීදිය‍, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. පසුගිය මාර්තු මස 1 වන දින එම තරුණියගේ මළ සිරුර සොයාගනු ලැබු අතර, එහි හිස නොමැති බැවින් විද්‍යානුකූල හඳුනාගැනීමක් සඳහා මෙලෙස DNA පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කෙරිණි. එම DNA පරීක්ෂණය රජයේ අතිරේක රස පරීක්ෂක, ඩී.එච්.එල්.ඩබ් ජයමාන්න මහතා විසින් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම වාර්තාවේ, අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමග ඝාතනය වු තරුණියගේ DNA සාම්පලය සැසදෙන බව සඳහන් ව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ අනුව, ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට සනාථ වී තිබේ.