මුළු රුසියාවම ලේ විලක් කරමින් දැවැන්ත ප්‍රහාර මාලාවක්
රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රීයේ ඩ්‍රෝන යානා 600 කට ආසන්න සංඛ්‍යාවක් යොදාගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාර අතුරින් ඩ්‍රෝන 180 කට අධික ප්‍රමාණයක් මොස්කව් අගනුවර පිහිටි විවිධ ඉලක්ක වෙත පතිත වී ඇති අතර, ඩ්‍රෝන යානා 17 ක් සාර්ථකව විනාශ කිරීමට හැකිවූ බව මොස්කව් නගරාධිපතිවරයා තහවුරු කර ඇත.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙය පසුගිය වසර දෙකක කාලය තුළ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් එල්ල වූ විශාලතම සහ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාව වන බවයි.
මේ අතර, මෙම ප්‍රහාර මාලාව සඳහා යොදාගත් සමස්ත ඩ්‍රෝන යානා සියල්ල බ්‍රිතාන්‍ය රජය විසින් යුක්‍රේනය වෙත ලබාදී ඇති බවට රුසියානු බලධාරීන් චෝදනා කරයි.
එක්සත් රාජධානිය මඟින් සිදුකරන ලද මෙම පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී බ්‍රිතාන්‍යයට අතිශය දරුණු සහ බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් දැඩි ලෙස අනතුරු අඟවා සිටියි.