තත්ත්වය දවසින් දවස දරුණු වෙද්දි රජය මැදිහත් වී මේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සුවිශේෂී ක්‍රියාමාර්ගයක් ගනියි
එල්-නිනෝ දේශගුණික බලපෑම හමුවේ ගතයුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් යුත් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
මෙහිදී වැවිලි, කෘෂිකර්ම, වනජීවී සහ ජල සම්පත් කළමනාකරණ යන අංශ මඟින් ඉදිරිපත් කළ ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය ජලය බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය.
වියළි කාලගුණය තවදුරටත් පැවතුණහොත් භූගත ජල මට්ටම පහත බැසීම හමුවේ මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථන පදනම් කරගනිමින්, බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍රවල සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් මෙන්ම එල්-නිනෝ තත්ත්වයේ වත්මන් තතු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව සක්‍රීයව දැනුවත් කිරීමේ වැදගත්කම ද මෙම රැස්වීමේදී වැඩිදුරටත් අවධාරණය විය.