නාරාහේන්පිට එන්නත්කරණ වැඩසටහනේ කලබලකාරී තත්ත්වයක්
Corona Virus
By Thaya
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අදත් (26) වෛරසය වැළදීමේ වැඩි අවදානමක් ඇති කොළඹ ප්‍රදේශවල ජනතාව වෙත ලබාදීමට කටයුතුකර තිබුණි. කෙසේවෙතත් නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි බටහිර බෙහෙත් ශාලාවේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයේ අද තුන්වන දිනටත් ගැටලු මතුවී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. එහි පැමිණ සිටි ජනතාව චෝදනා කළේ, "උදේ 4.00 ඉඳලා ඉන්නේ. පෝළිමේ එන්න කිව්වට පෝළිමේ ඉන්නේ නෑ. මෙතන තදබදය වැඩියි." යනුවෙනි.