දිලිනිගේ හිස තාම හොයයි - වැසිකිළි වළවලුත් අවුස්සයි

Police
By Thaya Mar 11, 2021 09:38 PM GMT
Thaya

Thaya

Report

දිවයින පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මරා දැමුණු තරුණියගේ හිස නැති සිරුර ඩීඑන්ඒ පරීක්ෂණ මගින් ඇයගේ බව හඳනාගෙන තිබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සිදුවූ අතර ඊයේ ඇගේ අවසන් කටයුතුද සිදු විය.

එනමුත් ඇගේ හිස සොයා පොලිස් කණ්ඩායම් ඊයේ(9දා) බුත්තල පොලිසියේ කොන්ක්‍රීට් වැසිකිළි වළවල් පවා සෝදිසි කිරීමට පියවර ගත්තේය.ඊට හේතුව වූයේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බඩල්කුඹුර නිවෙසට ගොස් ඊට පසුදින බුත්තලපොලිසියටද ගොස් ඇති හෙයිනි.

එහිදී එම උප පොලිස් පරීක්ෂකවරයා කිසිදු සැකයක් නොසිතෙන ආකාරයෙන් සුපුරුදු ලෙස හැසිරී ඇති බවත්එහිදී පොලිස් කාන්තාවක් සමඟද කතාබස් කර ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබිණි.

මෙම පොලිස් කාන්තාවගේ පුතා හා උප පොලිස් පරීක්ෂකවරයාගේ දියණිය එකම පන්තියේ ඉගෙනුම ලබනබවත් එහිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඇයට තම දියණියගේ විභාගයක ලකුණු පවා පවසා ඇති බවත්සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා ‘මව්බිම’ට කීවේය. ඉන් අනතුරුව උප පොලිස්පරික්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී ණය ඉල්ලුම් පතකට ඔහුගේ අස්සන් පවා ලබාගෙන තිබිණි.