නිතිය කඩන්නා එපා... තදින් ක්‍රියාත්මක කරනවා(VIDEO)

isolated ajith rohana quarantine travel restrction
By Sewvandhi May 15, 2021 05:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන කාල සීමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මක වන බවත් එම නීති රීති වලට අනුකූල ව ක්‍රියාත්මක වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මෙම කාල සීමාව තුළ ජනතාවගෙන් සියයට අනූ නවයක්ම නිරෝධාන නීති ආරක්ෂා කර නිවසේ රැඳී සිටි අතර සුළු පිරිසක් එම නීති උල්ලංඝනය කළ බව ද එම මහතා තව දුරටත් පැවසීය.

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 9,282කි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේදීත් ජනතාව නිවෙස්වලටම වී රැඳී සිටිය යුතු බවය.

රෝහලකට යෑම හැරුණුකොට අද දිනයේත් හෙට දිනයේත් හැඳුනුම්පතේ අංක භාවිත කරමින් පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now