පොලීසියෙන් අවවාදයක්(VIDEO)

colombo ajith rohana parties travel restriction press meeting
By Sewvandhi May 11, 2021 12:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පළාත් අතර සංචරණය සීමා කර ඇති විට අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය පවසයි.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි පුද්ගලයින් නීතිවිරෝධි කටයුත්තක් සිදුකරන අය සේ සලකා නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බවය.

අද මධ්‍යම රාත්‍රී 12 සිට  සියලු විනෝද ගමන, ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සහ වෙනත් පළාතක සිටින ඥාතින් බැලීමට යෑම අද සිට ලබන 31 වෙනිදා දක්වා තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

සෑම පළාත් මායිමක් අසලම පොලිස් නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි පැවසු ඒ මහතා, ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.

මේ අතර පළාත් මායිම්වල සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ සේවය ඉටුකිරීමට ජනතාවගේ සහය උපරිමයෙන් බලාපොරොත්තු වන බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සේවා ආයතන සඳහා පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකරන බව ද පැවසීය.

කෙසේනමුත් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ප්‍රදේශයේ අයට සම්පුර්ණයෙන් ම සංචරණය තහනම් වන බව ද ඒ මහතා කියා සිටියේය. හුදකලා කළ ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට රාජකාරි අවශ්‍යතා මත හෝ එම ප්‍රදේශයෙන් පිට නොවන ලෙස දැනුම් දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now