දික්වැල්ලගේ අර්ධ ශතකයත් සමග ශ්‍රී ලංකාව ලකුණු 300 පසු කරයි

Sri Lanka
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Thaya

Thaya

Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය තරගය නතර කරන විට කඩුළු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 110 ක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස්. මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් රමේෂ් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුනා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 87 ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 22 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා.

පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4 ක් දවා ගත් අතර මාර්ක් වුඩ් කඩුළු 2 ක් බිද හෙළීමට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.


ReeCha