ධම්මික බණ්ඩාර නිවසට ආ වෛද්‍යවරයෙකුට පහර දීලා යයි පොලිසියට පැමිණිල්ලක්…?

Dhammika Bandara
By Thaya Jan 20, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමක් සිදු කළේ යයි පේරාදෙණිය පොලිසිය වෙත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් සෙන් පැමිණිලි කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

ධම්මික බණ්ඩාර මහතා හමුවීමට ඔහුගේ නිවසට පැමිණි මෙම වෛද්‍යවරයා ඇතුළු පිරිසට බැණ වැදීමෙන් පසු පහරදී ඇතැයි පැමිණිල්ලේ ඇතැයිච එම වාර්තා කියයි.

වෛද්‍යවරයා විසින් එම සිදුවීම ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත.

පසුව නිවසේ සිටි පිරිස විසින් මෙම වීඩියෝව මකා දමා ඔවුන් නිවසේ හිරකර තබා ගැනීමට කටයුතු කර ඇතැයි ද සදහන්ය.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද එම වාර්තා වල දැක්වේ.