දඹුල්ලට එන එළවළු වෙනත් මධ්‍යස්ථානවලට යන හැටි.

Covid Colombo Dabulla Economic center
By Aruna May 02, 2021 05:41 AM GMT
Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන එළවලු තොග සෘජුවම වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහන්දා නන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට හා එළවලු එකතු කරන්නන් හට දැනුම් දී තිබේ.

එබැවින් එළවලු තොග වේයන්ගොඩ, මීගොඩ, වැලිසර, නාරාහේන්පිට ආදී වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස සඳහන් කරයි. ඒ දඹුල්ල ආශ්‍රිතව පවත්නා තත්වය පහව යන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින කීපයක සිට වසා දමා ඇති බැවින් ය.

මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටු රැස්වීමේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා ඇති බැවින් උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස මෙම උපදෙස් ලබාදී ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa