දේව ප‍්‍රතිමාවකට පහර දී කුඩුපට්ටම් කරයි..

Police
By Thaya Mar 16, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

කල්පිටියේ ඒත්තාල කොළණිය ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේදකන්නි මාතා දේව ප්‍රතිමාවට පහරදීමක් සිදුකර ඇත.

කල්පිටිය පොලීසිය සඳහන් කරන්නේ එම කුටියේ වීදුරු බිඳදමා ප්‍රතිමාව පොළොවේ ගසා සුණුවිසුණු කර ඇති බවයි.

සිද්ධිය ඇසින් දුටුවන් පොලිසියට සඳහන් කර ඇත්තේ කිසියම් පුද්ගලයෙකු දේව ප්‍රතිමාව ඔසවා පොළොවේ ගසනු දුටු බවයි.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.