නිලධාරින් 20,000ක් යොදා රටපුරා සිදුකළ පැය 03 පොලිස් මෙහෙයුමේ සම්පුර්ණ තොරතුරු මෙන්න

Police
By Thaya Jan 25, 2021 02:40 PM GMT
Thaya

Thaya

Report

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත ඊයේරාත්‍රී 11.00 සිට අද අලුයම 2.00 දක්වා පැය 03ක කාලයක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පොලිස් නිලධාරීන් 20,000කගේ සහභාගීත්වයෙන් සිදුකළ මෙම මෙහෙයුමේ දී පුද්ගලයින් 3520 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ මගින් වරෙන්තු නිකුත්කර තිබු පුද්ගලයින් 1185 දෙනෙකු සහ බීමත් රියදුරන් 830 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර විවිධ අපරාධ ක්‍රියා හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සෙසු පිරිස අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.