ඊයෙ කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශවල විශාල වෙනසක් සියලු විස්තර මෙන්න

Covid-19
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් නයින්ටීන් දෙවන රැල්ල ආරම්භයත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (01)දෙවන දිනටත් සියයකට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනාගැනීමත් සමඟ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 310 ක් වේ. ඉන් ආසාදිතයින් 60 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා විය. කෙසේවෙතත් ඊයේ දිනයේ ආසාදිතයින් දිස්ත්‍රික්ක 22 කින් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 34 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 24 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබේ. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 18ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 17 ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 13 ක් ලෙස ආසාදිතයින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. මාතර, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, මඩකලපුව, පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වී තිබේ. මේ අතර, කොවිඩ් -19 දෙවන රැල්ල ආරම්භයත් සමඟ වයස අවුරුදු 60 ට වැඩි මරණ 336 ක් මේ දක්වාවාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. වයස අවුරුදු 40 ත් 60 ත් අතර පුද්ගලයින් 109 දෙනෙකු ද කොවිඩ් -19 හේතුවෙන් මියගොස් තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 9,891 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණසංඛ්‍යාව 9821 කි.