පොලිස්පති දේශබන්දු අදත් විමර්ශන කොමිටුව හමුවේ

Report

තාවකාලික වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යෙදවීම සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ අද (03) දින පෙනී සිටීමට නියමිතව ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම විමර්ශන කමිටුව හමුවේ පොලිස්පතිවරයා අද පස්වරු 2.00ට පෙනී සිටීමට සූදානම්ව සිටී.

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

මෙහිදී, ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි පිළිබඳ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදු කෙරෙන බව වාර්තා වේ.

නීතිපතිවරයා ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළව, වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයෙන් දිවුරුම් ප්‍රකාශවල ස්ථාවරය ලබන 09 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් පසුව වාචික සාක්ෂි කැඳවීම හා හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වන දින සිදු කෙරේ.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

දෙහි කපන්න ඇතුලට එක්කන් ගිය හිමි නම දැරියක් දූෂණය කරයි..ගමම පන්සල වටලයි

දෙහි කපන්න ඇතුලට එක්කන් ගිය හිමි නම දැරියක් දූෂණය කරයි..ගමම පන්සල වටලයි


මේ අතර, එළඹෙන 16 වන දින සිට දිනපතා පෙරවරු 9.30 සිට මෙම විමර්ශන කමිටුව රැස්වීමට නියමිතව ඇත.