මගේ පුද්ගලික ලේකම් ලිපි යවලා තියෙන්නේ බලපෑම් කරන්න නෙවේ - රාජකාරියට වුණ බාධාවට නි. ඇමති කණගාටු වෙයි
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා විසින් ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සිය පෞද්ගලික ලේකම්වරයා විසින් ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව සඳහන්.
ඉකුත්දා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය (SLADA) මඟින් චෝදනා කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් විවිධ අවස්ථාවලදී ලිපි නිකුත් කරමින් ඉඩම් රාජකාරිවලට බලපෑම් එල්ල කරන බවටයි.
විශේෂයෙන්ම, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කළ ඉවත් කිරීමේ නියෝගයක් තාවකාලිකව අත්හිටුවන මෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පෞද්ගලික ලේකම්වරයා දැනුම් දී තිබූ බව සඳහන් විය.
තවත් මේක කරන්න බෑ - ලොක්කෙක්ගේ පුද්ගලික ලේකම්ගේ පැටිකිරිය කියලා ප්‍රාදේශීය ලේකම්ලා ජනාධිපති ලේකම්ට ලියයි
එවැනි දේශපාලන මැදිහත්වීම් රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිදභාවයට බාධාවක් බවට එම සංගමය මඟින් ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබූ බව වාර්තා විය. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ සිය පෞද්ගලික ලේකම්වරයා එවැනි ලිපි නිකුත් කර ඇත්තේ බලපෑම් කිරීමේ චේතනාවකින් තොරව බවටයි.
එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මහජනතාවගෙන් ඉදිරිපත් වූ විවිධ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අනවබෝධය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි.
කෙසේ වෙතත් සිදුවූ වැරදි නිවැරදි කරමින් නිලධාරීන් සමඟ ඉතා නිවැරදිව හා සුහදශීලීව කටයුතු කිරීමට ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇති බව සඳහන්.
මේ අතර වසර 10-15ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී තිබෙන ඉඩම් ගැටලුවලට ඇතැම් නිලධාරීන්ගේ අතපසුවීම්ද හේතු වී ඇති බව පෙන්වා දෙමින් අමාත්‍යවරයා සහතික වී ඇත්තේ නව රජයක් වශයෙන් ජනතාව අපේක්ෂා කරන සාධාරණය සහ විනිවිදභාවය තහවුරු කිරීමට නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවටයි.