තවත් මේක කරන්න බෑ - ලොක්කෙක්ගේ පුද්ගලික ලේකම්ගේ පැටිකිරිය කියලා ප්‍රාදේශීය ලේකම්ලා ජනාධිපති ලේකම්ට ලියයි

Report

රාජ්‍ය නිලධාරීන් සතු ව්‍යවස්ථාපිත ඉඩම් රාජකාරි ඉටු කිරීමේදී සිදුවන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය (SLADA) රජය වෙත දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අඳාළ සංගමය පෙන්වා දෙන්නේ, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් විවිධ අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බලපෑම් සහගත ආකාරයට ලිපි ඉදිරිපත් කර තිබෙන බවයි.

එමෙන්ම මෑතකදී නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් එන්. ටී. රුක්මල් ජයවීර මහතා විසින් යොමු කරන ලද ලිපියකින්, පුද්ගලික ඉල්ලීමක් මත පදනම්ව ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් නියෝග කර ඇති බව සඳහන්.

මෛත්‍රී වික්‍රමසිංහට අද FCIDයට එන්න බෑලු - ඕනේ නම් නිවසට එන්නැයි දැනුම්දෙයි

මෛත්‍රී වික්‍රමසිංහට අද FCIDයට එන්න බෑලු - ඕනේ නම් නිවසට එන්නැයි දැනුම්දෙයි

ඒ අනුව සංගමය අවධාරණය කරන්නේ දේශපාලන අධිකාරිය විසින් යොමු කරනු ලබන මෙවැනි ලිපි රැගෙන පුද්ගලයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණීමෙන් ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විනිවිද පෙනෙන තීරණ ගැනීමට බාධා එල්ල වන බවයි.

එමෙන්ම දේශපාලන අධිකාරිය මඟින් එක් පාර්ශ්වයකට පමණක් වාසි වන අයුරින් මෙසේ මැදිහත් වීමෙන් රජයේ යාන්ත්‍රණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳ වැටෙන බවද එම සංගමයේ නිරීක්ෂණය බව සඳහන්.

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

ඉදිරියේදී මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන මහජන ඉල්ලීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීමේදී ඒවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නිසි නිලධාරීන් හරහා පමණක් යොමු කිරීම, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ඉඩම් රාජකාරි ඉටු කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම SLADA සංගමය මඟින් පහත යෝජනා කර තිබෙනවා.

අඳාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමටද අඳාළ සංගමය පියවර ගෙන ඇති බව සඳහන්.

ජනපතිට බල කරමින් මහජන පෙත්සමක් - හේතුව මෙන්න

ජනපතිට බල කරමින් මහජන පෙත්සමක් - හේතුව මෙන්න