‘ජනාධිපති පරිසර සම්මාන - 2026’ - අයදුම්පත් කැඳවයි

Report

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන ‘ජනාධිපති පරිසර සම්මාන – 2026’ සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා අවසන් දිනය වන්නේ 2026 අප්‍රේල් මස 30 වන දිනයි. ඊට පෙර ඒ සඳහා අයදුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ආරාධනා කර සිටී.

කර්මාන්ත අංශය, ව්‍යාපෘති අංශය සහ ආයතන, මාධ්‍ය හා සමාජ අංශය යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.

“කර්මාන්ත අංශයට මහා පරිමාන සහ සුළු හා මධ්‍ය පරිමාන ලෙස අනු අංශ දෙකකි. මහා පරිමාන අනු අංශය යටතේ පහත සඳහන් වර්ග 16 ඔස්සේ අයදුම් කළ හැකිය. එම වර්ගවල ආරෝග්‍ය ශාලා සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත) යන වර්ග හැර ඉතිරි 14 ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාන අනු අංශය සඳහා අයදුම් කළ හැකිය.

දැන් සහන පැකේජය කාටද දුන්නේ? කොහෙද දුන්නේ? මම නම් තාම දැක්කේ නෑ - සීලරතන හිමි රජයේ රැදී ගලවයි

දැන් සහන පැකේජය කාටද දුන්නේ? කොහෙද දුන්නේ? මම නම් තාම දැක්කේ නෑ - සීලරතන හිමි රජයේ රැදී ගලවයි

පොදු අපද්‍රව්‍ය පිරිපහදු කළමනාකරණ පද්ධති/ ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍ය ශාලා, රබර් ආශ්‍රිත කර්මාන්ත, සත්ත්ව ගොවිපළ, නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත, තේ සැකසුම් කර්මාන්තශාලා, ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත), ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, දැවමය ආශ්‍රිත නිෂ්පාදන සහ ලෝහ/ යකඩ නොවන ලෝහ/ යන්ත්‍රෝපකරණ/ විදුලි/ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත එම කර්මාන්ත වර්ග 16යි.

ව්‍යාපෘති අංශය පහත පරිදි එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ.

පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති යන අනු අංශය යටතේ කුඩා පරිමාන ජල විදුලි ව්‍යාපෘති, සූර්ය බල ව්‍යාපෘති (වහල මත ඉදිකර ඇති සූර්ය බල ව්‍යාපෘති හැර) සහ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති යන වර්ග තුන ඇතුළත් වේ.

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

ආයතන, මාධ්‍ය හා සමාජ අංශය යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අටකි. පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පළාත් පාලන ආයතන (ඝන අපද්‍රව්‍ය කළමනාකරණය), පොලිස් පරිසර ඒකක, පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන, පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්/ විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන/ විවෘත අංශය) සහ මාධ්‍ය අංශය යටතේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ලෙස අනු අංශ දෙකකි.

ජනමාධ්‍ය අනු අංශය තනිපුද්ගල සහ ආයතන ලෙස වර්ග දෙකකින් යුතු වන අතර සමාජ මාධ්‍ය අනු අංශය ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව ලෙස වර්ග දෙකකින් යුක්තය. මෙහිදී සියලු භාෂා මාධ්‍යයන් එක්ව සළකා ඇගයීම් කටයුතු සිදුකරනු ලබයි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකථන අංක වලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයදුම්පත් සහ වැඩි විස්තර ලබා ගැනීමට අවකාශ සලසා ඇත. වැඩිදුර විස්තර සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය (0725064285), සහකාර අධ්‍යක්‍ෂ සංජීව පුළුකුට්ටිආරච්චි මහතා (0712691109), සහ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.එස්.එස්. බණ්ඩාර මහතා (0777960357) ඇමතීමෙන් ලබා ගත හැකි අතර මාධ්‍ය අංශයේ තොරතුරු සඳහා මාධ්‍ය නිලධාරී ශ්‍රියාන්ජනී ලොකුලියන මෙනවිය (0776252288) ඇමතිය හැකිය.

ජනතාව ප්‍රවේශම්වෙන්න - ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ජනතාව ප්‍රවේශම්වෙන්න - ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජනාධිපති පරිසර සම්මාන රන් සම්මාන, රිදී පරිසර සම්මාන, ලෝකඩ පරිසර සම්මාන සහ කුසලතා පරිසර සම්මාන ආදී ලෙස වූ සම්මාන හිමිකර ගැනීමට ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝම්බර් මාසයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන මෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්තිය පෙරදැරි කර ගනිමිනි” මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.   

ඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්

ඉන්ධන බද්ද තාවකාලිකව අත්හිටුවීමට කැනඩා රජයෙන් තීරණයක්