දෙනුවර මැණිකේ තාවකාලිකව නතර කෙරේ

Train
By Thaya Jan 29, 2021 06:48 AM GMT
Thaya

Thaya

Report

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන 'දෙනුවර මැණිකේ' දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතරකර තිබේ.

එම දුම්රිය කලින් ආසන වෙන්කර ධාවනය කරනු ලබන දුම්රියක් වන අතර ඒ සඳහා ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන්කර ගන්නා ලද මගීන් සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන 'පොඩි මැණිකේ' දුම්රිය යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.