“දෙනුවර මැණිකේ” අවුරුදු වෙනුවෙන් යළි ගමන් අරඹයි

Avurudu
By Thaya Mar 30, 2021 06:52 PM GMT
Thaya

Thaya

Report

තාවකාලිකව නතර කරන ලද කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය අප්‍රේල් 01 සිට යළි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දෙනුවර මැණිකේ දුම්රිය පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව පස්වරු 3.01 ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවන අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.00 ට පිටත්වන දුම්රිය පස්වරු 4.38 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි.

අවුරුදු සමයේ ජනතාවට ගමන් බිමන් යාම සඳහා හෙට සිට ලබන 18 වැනිදා දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර වායුසමීකරණ කරන ලද මැදිරි හතරකින් ද, දෙවැනි පන්තියේ වෙන්කළ ආසන මැදිරි තුනකින් ද, තුන්වැනි පංන්තියේ වෙන්කළ ආසන මැදියකින් ද, මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොවිඩ් වසංගත තත්ත්වය මත මගීන් නොමැතිවීම හේතුවෙන් පසුගිය ජනවාරි 27 වැනිදා දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නතර කෙරුණු බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළා. යළි ධාවනය ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය සඳහා කලින් ආසන් වෙන්කිරීම ද දැන් ආරම්භ කර තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.