හෙට පාසල් අරින්න අදත් ඩෙංගු පරීක්ෂා

Dengue tests
By Thaya Jan 12, 2021 07:28 PM GMT
Report

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට ආරම්භ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඊට අදාළ අධීක්ෂණ කටයුතු අද දිනයේදීත් පැවැත්වෙන බවයි.

මේ අතර අද දිනයේත් පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කලා.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ මෙම වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 247 ක් බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 146 ක්.