“ඩෙල්ටා” කොවිඩ් වෛරස් ප‍්‍රභේදය ගැන තවත් අනාවරණයක්
දැනට එංගලන්තයේ පැතිර යන ඉන්දීය කොවිඩ් වෛරස් ප‍්‍රභේදය වන “ඩෙල්ටා” ප‍්‍රභේදයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වුවන් අධ්‍යයනයට ලක් කළ එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් මෙය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙයට පෙර හඳුනාගත් කොවිඩ් වෛරස් ප‍්‍රභේදයන්වල පොදුවේ දක්නට ලැබෙන රෝග ලක්ෂණවලට වඩා මෙම “ඩෙල්ටා” වෛරස් ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ වෙනස් බවත්, එම ප‍්‍රභේදය වැළඳුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයෙකුට වෙනත් අයට එය වේගයෙන් පැතිරවීමට හැකියාව ඇති බවත් එංගලන්ත මහාචාර්ය ටීම් ස්පෙක්ටර් පවසා තිබෙනවා.
“ඩෙල්ටා” වෛරස් ප‍්‍රභේදය තරුණ අයෙකුට වැළඳුණ විට එය නරක් වුණු සෙම්ප‍්‍රතිශ්‍යාවක් වැළඳුනා හා සමාන බවත් මේ හේතුවෙන් අදාළ රෝග ලක්ෂණ යමෙකු තුළ දක්නට ඇත්නම් හෝ රෝග ලක්ෂණ දක්නට නොලැබුණද තමන් කොවිඩ් ආසාදිතයෙකු බවට සැකයක් මතු වී ඇත්නම් ඔවුන් වහාම PCR පරීක්ෂණයක් සිදු කරගෙන තත්ත්වය තහවුරු කරගත යුතු යුතු බවයි මහාචාර්යවරයා පවසන්නේ.
එංගලන්තයේ පැතිරෙන “ඩෙල්ටා” වෛරස් ප‍්‍රභේදය සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනවලදී මෙතෙක් කොවිඩ් වෛරස් ආසාදනයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ ලෙස හැඳින්වුණු කැස්ස, උණ හා ගඳ, සුවඳ හා රස නොදැනීම මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වුණ අය තුළ පොදුවේ දක්නට නොලැබෙන බවද වාර්තා වනවා.
“ඩෙල්ටා” වෛරස් ප‍්‍රභේදය දැනට පැතිරෙන වේගවත්ම හා මාරාන්තිකම වෛරස් ප‍්‍රභේදය බව පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |