වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න.
Curfew
Police
Shavendra Silva
By Thaya
කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ අවස්ථාවේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
අද උදෑසන පුවත්පත් වැඩසටහන සමග සම්බන්ධවෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනය තවත් සුළු මොහොතකින් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
