පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ.

Parliament
By Thaya Mar 10, 2021 07:17 PM GMT
Report

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පැවැත්වීමට නියමිතය. මෙම සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට පමණක් සීමා කෙරෙන අතර අද එහි දෙවන දිනයයි. ඒ අනුව අද දිනයේ දී ද පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතව තිබේ. අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

කෙසේවෙතත් එම විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම එහි වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා, තෛනිකායික මහනායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් වෙත භාර දෙනු ලැබීය. අනතුරුව එය අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කළ අතර එහිදී මීට අදාළව විවාදයක් ලබා දීමට තීරණය කෙරුණි.