ගමක්ම හඬවමින් අවසන් ගමන් ගිය පාසල් සිසුන් තුන් දෙනා - හීනෙකින්වත් මෙහෙම දෙයක් නම් කවුරුත් හිතන්නවත් නැතුව ඇති.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Jan 16, 2024 11:33 AM GMT
krishani

krishani

Report

කළුතර දී කළුගඟේ දිය නැමට ගිය 15 සහ 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

ගමක්ම හඬවමින් අවසන් ගමන් ගිය පාසල් සිසුන් තුන් දෙනා - හීනෙකින්වත් මෙහෙම දෙයක් නම් කවුරුත් හිතන්නවත් නැතුව ඇති.. (VIDEO) | Death Three Students At Black River

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර සහ දොඩංගොඩ රතුකුරුස නිවාසහී පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති පාසැල් සිසුසිසුවියන් තිදෙනෙකි.

කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟේ පසුගිය 14 වනදා පස්වරුවේ දිය නාමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වුනා.

එසේම මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අය බවද අනාවරණය විය.

එක් සිසුවියකගේ මවගේ උපන්දිනය එදින යෙදී තිබී ඇති අතර ඒ නිමිත්තෙන් ඔවුන් කැළිඩෝ වෙරළ තීරයට පැමිණ තිබුන බව හෙළි විය.

පළමුව මුහුදේ දියනාමින් සිටි ඔවුන් එක් සිසුවියකගේ ඉල්ලිම පරිදි කළුගගේ කලපුවට ගොස් තිබෙනවා.

නිදිපෙති කළවම් කර පැණි බීම පොවා දැරියකට කළ අහස පොළොව නුහුලන අපරාදය - නිවසට එකවරම ආ කෙනෙක් එය දැක වහාම ක්‍රියාත්මක වෙලා..

නිදිපෙති කළවම් කර පැණි බීම පොවා දැරියකට කළ අහස පොළොව නුහුලන අපරාදය - නිවසට එකවරම ආ කෙනෙක් එය දැක වහාම ක්‍රියාත්මක වෙලා..


පසුව එහිදී ඔවුන් දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන සුව සැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෘතදේහ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත්කර තිබුණු අතර ඊයේ දින මෘතදේහ පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඒ අනුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.කේ. වෙනුරජිත් සහ එම්.කේ. චානුක යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණ බවට නිගමනය කර ඇත.

වීඩියෝ දර්ශන පහතින්,



Sponsored By Sarrita Jewellery

ගමක්ම හඬවමින් අවසන් ගමන් ගිය පාසල් සිසුන් තුන් දෙනා - හීනෙකින්වත් මෙහෙම දෙයක් නම් කවුරුත් හිතන්නවත් නැතුව ඇති.. (VIDEO) | Death Three Students At Black River

ReeCha