මල සිරුරක් ජලාශයේ පාවේ…

Dead Body
By Thaya Jan 16, 2021 06:35 PM GMT
Report

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබි (16) දින නාදුනන පුද්ගල මල සිරුරක් තිබි හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

නොර්වුඩ් පොලිසිය අසල කෙසෙල්ගමුඔයේ නාදුනන පුද්ගල මල සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මත පොලිසිය සිරුර සොයාගෙන ඇත.

දින ගණනාවක් සිරුර කෙසෙල්ගමුඔයේ තිබිම නිසා සිරුර දැඩි ලෙස නරක් වි ඇති බවත්, සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.