ආසාදිත දයාසිරි ජනාධිපති කාර්යාලයටත් ගිහින්…

covid19 dayasiri
By Thaya Jan 13, 2021 05:28 PM GMT
Thaya

Thaya

Report

දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැයි හඳුනාගෙන ඇත.

ජනවාරි 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකට වී ඇත.

එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්‍යාලයට ද ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබේ.

මේ දක්වා අමාත්‍යවරයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.