ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ලබා දෙන දිනය මෙන්න

Covid-19 Corona Vaccine
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසයට එරෙහි ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 19 දා සිට ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග ප්‍රමාණවත් ව පවතින බවයි.

එමෙන්ම චීනයේ නිෂ්පාදිත සිනොෆම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලබන 31 වනදා රාත්‍රියේ දී මෙරටට ලැබීමට නියමිත බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.මේ අතර කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සාර්ථක මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙනවා.ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණවලදී.