Dark Mode එක ගැන ඔබ දැනුවත් ද?
ටික කලකට කළින් ජංගම දුරකථන සහ පරිගණක වලට ආපු අලුත්ම Update එක තමයි Dark Mode. මුලින්ම මෙම Dark Mode එක ආවේ APPS ඇතුළු Digital සේවාවන් කිහිපයකට විතරයි.
නමුත් මේ වන විට Main Apps සියල්ලටම, සෑම Digital Platforms එකකම වගේම සෑම Operating System එකකම Dark Mode බහුලව දකින්න ලැබෙනවා.
සමහරු මෙම අලුත් Update එකට අකමැති වුණත් සමස්තයක් වශයෙන් ගත් කළ බොහෝදෙනෙක් මේ Update එකට වැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් මේ කියන්න යන්නේ මේ Dark Mode එකෙන් ඔබට ලැබෙන වාසි ගැනයි.
1.දවස තිස්සේ Digital screen එකත් එකක් වැඩ කරන එක ලේසි නැහැ. මොකද Digital Screen එකේ තියෙන Blue Light එම නිසා බොහෝ දෙනෙකුට අක්ෂි ආබාධ වැනි නොයෙක් ගැටළු මතු වෙනවා. ඉතින් මේ Dark Mode එක මඟින් ඔබේ අක්ෂි ආබාධ, හිසේ කැක්කුම වැනි ගැටළු තරමක් දුරට අවම කරගන්න පුළුවන්.
2.ගොඩක් අය රෑට ඇඳට ගියාම ජංගම දුරකථනය Use කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාම නින්දයාම අඩු වන බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ නින්ද යෑම සඳහා වූ අපේ සිරුරේ නිපදවෙන මෙලටොනින් නැමැති හෝමෝනය ශ්‍රාවය අඩු වූ විටයි. හැබැයි Dark Mode එක මෙම තත්වය පාලනය කරන්න උදව් වෙනවා.
3.ඒ වගේම තමයි Dark mode දාගත්තොත් ඔබේ ජංගම දුරකථනයේ Battery Charge එක වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඊට හේතුව වන්නේ, දීප්තිමත් තිරයකට වඩා අඩු බලශක්තියක් අඩු දීප්තියක තිරයකට වැයවීමයි. google සමගාමත් සහතික වී තිබෙනවා, OLED battery charge එකේ ආයුකාලය රැක දෙන්න Dark Mode එකට හැකියාව තියෙනවා කියලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....